අපගේ දැක්ම
සමෘද්ධිමත් ජන ජිවිතයක්.
අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව මානව හා භෞතික සම්පත් ඵලදායීව සහ කාර්යක්ෂමව කළමනාකරණය කරමින් මහව කොට්ඨාශයේ ජනතාවට තිරසාර සංවර්ධනයක් උදා කරලීම.
මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉතිහාසය
වයඹ පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ වයඹ දෙසට මායිම්ව මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇත. වර්ග කිලෝමීටර් 248.6 ප්‍රමාණයක විසිරී ඇති මෙම කොට්ඨාසය දකුණු දිගින් දැදුරු ඔයට මායිම්ව පිහිටා ඇත. මෙය උතුරු දිශාවෙන් අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මායිම් වන අතර නැගෙනහිරින් පොල්පිතිගම ප්‍රාදේශීය ලෙකම් කොට්ටාසයට ද, බටහිරින් නිකවැරටිය ප්‍රාදේශීය ලෙක්ම් කොට්ඨාසයට ද, මායිම් වේ. වියළි කලාපයට අයත් මෙම ප්‍රදේශය කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් බහුතර ජනතාවකින් යුක්ත වේ. මෙහි විශේෂයෙන් වී ගොවිතැනට අමතරව හේන් ගොවිතැන ද දැකිය හැක. ඒ හා සම්බන්ධ සුළු හා මහා පරිමාණ වාරි මාර්ග යටතේ වගා කටයුතු කරන අතර විශාල ඉඩම් ප්‍රමාණයක් වගා කරනු ලබන්නේ සුළු වාරි ක්‍රම යටතේ ය. ග්‍රාමීය වැව් බහුතරයක් ප්‍රදේශය දැකිය හැකි වේ. දැදුරු ඔය ව්‍යාපෘතිය මගින් පෝෂණය වන ඉඩම් ප්‍රමාණයක් ද ඇත.
ග්‍රාම නිලධාරී වසම් 68 කින් හා ගම් 218 කින් යුක්ත මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කොට්ඨාසයේ මුළු පවුල් සංඛ්‍යාව 20,166 කි. මුළු ජනගහනය 65,308 පමණ වේ. ජනතාවගේ වෙළඳපොළ අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා රැස් වන්නේ ප්‍රධාන නගරය වන මහව නගරය වෙත ය. යාපනය හා මඩකලපුව දක්වා දිවෙන දුම්රිය මංසන්ධිය මෙම නගරය මධ්‍යයේ පිහිටා ඇත. ප්‍රදේශය සංචාරක ආකර්ෂණ සඳහා ඉවහල් වන ප්‍රධාන ස්ථාන දෙකක් වන යාපහුව රාජධානිය සහ දැදුරුඔය ජලාෂය මෙම කොට්ඨාසයේ පිහිටා ඇත.
මෙතෙක් ආ ගමන් මගේ නියමුවෝ
|
අනු අංකය. |
නම | සේවා කාලය | තනතුර | |
| සිට | දක්වා | |||
| 01 | එස්. හුලංගමුව මයා | 1943 | 1954 | ප්‍රාදේශීය ආදායම් පාලන නිලධාරි |
| 02 | ඩබි. අලුවිහාරේ මයා | 1954 | 1958 | ප්‍රාදේශීය ආදායම් පාලන නිලධාරි |
| 03 | උඩවෙල මයා | 1958 | 1963 | ප්‍රාදේශීය ආදායම් පාලන නිලධාරි |
| 04 | විමලරත්න කුමාරගම මයා | 1963 | 1964 | ප්‍රාදේශීය ආදායම් පාලන නිලධාරි |
| 05 | විමලධර්ම ඒකනායක මයා | 1964 | 1965 | ප්‍රාදේශීය ආදායම් පාලන නිලධාරි |
| 06 | කපිලරත්න සූරියගොඩ මායා | 1965 | 1966 | ප්‍රාදේශීය ආදායම් පාලන නිලධාරි |
| 07 | පී.බී. වන්නිනායක මායා | 1966 | 1970 | ප්‍රාදේශීය ආදායම් පාලන නිලධාරි |
| 08 | ඇම්. ඇස්. ද සිල්වා මයා | 1970 | 1971 | ප්‍රාදේශීය ආදායම් පාලන නිලධාරි |
| 09 | මයුරපාල බලල්ල මයා | 1971 | 1972 | ප්‍රාදේශීය ආදායම් පාලන නිලධාරි |
| 10 | එස්. අල්ගම මයා | 1972 | 1977 | සහකාර ආණ්ඩුවේ ඒජන්ත (උප දිසාපති) |
| 11 | ඊ.ඒ.එම්. කරුණානායක මයා | 1977 | 1987 | සහකාර ආණ්ඩුවේ ඒජන්ත (උප දිසාපති) |
| 12 | එම්. එම්. පී. හිටිසේකර මයා | 1987 | 1991 | සහකාර ආණ්ඩුවේ ඒජන්ත (උප දිසාපති) |
| 13 | ඒ. ඩී. විමල් පෙරේරා මයා | 1991 | 1994 | ප්‍රාදේශිය ලේකම් |
| 14 | එම්.ආර්.සිරිලාල් මයා | 1994 | 1996 | ප්‍රාදේශිය ලේකම් |
| 15 | ඊ.එම්. ඩී. බී. ඒකනායක මයා | 1996 | 1998 | ප්‍රාදේශිය ලේකම් |
| 16 | ආර්.එම්.පී. බණ්ඩාර රාජපක්ෂ මයා | 1998 | 2000 | ප්‍රාදේශිය ලේකම් |
| 17 | එම්.එම්.කේ.එම්. බණ්ඩාර මයා | 2000 | 2002 | ප්‍රාදේශිය ලේකම් |
| 18 | ඩබ්.එම්. ජයවර්ධන මයා | 2002 | 2005 | ප්‍රාදේශිය ලේකම් |
| 19 | ඒච්. එම්. සෝමතිලක මයා | 2005 | 2006 | ප්‍රාදේශිය ලේකම් |
| 20 | ආර්.එම්. වන්නිනායක මයා | 2006 | 2014 | ප්‍රාදේශිය ලේකම් |
| 21 | එච්. එම්. ජේ. එම්. හේරත් මයා | 2014 | 2018 | ප්‍රාදේශිය ලේකම් |
| 22 | ඩබ්. වර්ණකුලසූරිය මිය | 2019 | ප්‍රාදේශිය ලේකම් | |











