සිවිල් ලියාපදිංචිය හදුන්වාදීම
- හැඳුනුම්පත් නිකුත් කිරීම.
- උප්පැන්න, මරණ, විවාහ සහතික පිටපත් නිකුත් කිරීම
- කල්ගතවූ උපත්(ඉපදී තුන් මසක් ඉකුත් වී) ලියාපදිංච් කිරීම
- කල්ගතවූ මරණ(මරණය සිදු වී තුන් මසක්ගත වී) ලියාපදිංච් කිරීම
- උප්පැන්න සහතික වල නමක් ඇතුලත් කීරිම (අවු.21ට අඩු, අවු 21ට වැඩි) /වෙනස් කිරීම(අවු.21ට අඩු, අවු 21ට වැඩි)
- උප්පැන්න ලේඛනයක විස්තර වෙනස් කිරීම/ඇතුලත් කිරීම/අත්හැරීම (මවගේ තොරතුරු/ පියාගේ තොරතුරු)
- කොට්ඨාශය තුල පිහිටි ලියාපදිංච් කල ක්‍රිස්තියානි දේවස්ථානවල සිදු කරනු ලබන විවහ ලියාපදිංචි කිරීම
- කාර්යයාල තුළ විවහ ලියාපදිංචි කිරීම
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම
- හැඳුනුම්පතක් ලබා ගැනීම සදහා අදාල ඉල්ලුම් පත්‍රය (නව හැඳුනුම්පත - පු. ලි.දෙ.වි. 1, අනු පිටපතක් ලබා ගැනීම - පු.ලි.දෙ.වි. 7, හැඳුනුම්පත සංශෝධනය - පු.ලි.දෙ.වි. 8 )
- වයස අවු. 50ට අඩු අයදුම්කරුවන් සදහා උප්පැන්න සහතිකය හෝ අනුමාන වයස් සහතිකයේ මුල් පිටපත හා ඡායා පිටපතක්
- වයස අවු. 50ට වැඩිනම් උප්පැන්න සහතිකය හෝ අනුමාන වයස් සහතිකය නොමැති නම් ලේඛන සෙවීමේ ප්‍රතිඵල සටහන හා විකල්ප ලේඛන ( පාසල් හැරයාමේ සහතිකය, බෞතිස්ම
- සහතිකය, අයදුම්කරුගේ උපන් දිනය සඳහන් දරුවෙකුගේ උප්පැන්න සහතිකය, උප්පැන්න සහතිකයේ උපුටාගත් සටහන, වතු හැරයාමේ සහතිකය, විදේශ ගමන් බලපත්‍රයේ අදාල පිටුවල
- සහතික කළ පිටපත්, වතු අධිකාරි විසින් නිකුත් කරන ලද ලියාපදිංචි කාඩ්පත, ජන්ම පත්‍රය ) හැකි පමණ
- විදේශයකදි උපත ලද්දකු නම් පුරවැසි සහතික
- වර්ණ ඡායාරූප 6 (13/8 ” * 7/8 ”)
- මුල්වරට හැඳුනුම්පතක් අයදුම් කරන්නේනම් අයදුම්කරුගේ මව/ පියා/භාරකරුගේ ජාතික හැඳුනුම්පතේ ග්‍රාම නිලධාරි සහතික කළ ඡායා පිටපත
- ස්වාමි පුරුෂයාගේ නම ලබා ගැනීම සදහා විවාහ සහතිකය
- බෞද්ධ භික්ෂුන්වහන්සේ නමක් නම් සාමනේර සහතිකය හෝ උපසම්පදා සහතිකය
- බෞද්ධ භික්ෂුන්වහන්සේ නමක්ව සිට උපැවිදිව ඇත්නම් බෞද්ධ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් නිකුත් කරනු ලබන උපැවිදි සහතිකය
- හැඳුනුම්පතට රාජකාරි තනතුර ඇතුළත් කළයුතු නම් මාස 03 කාලයක් ඇතුළත ලබාගත් සේවා සහතිකයක්
- නැති වූ හැඳුනුම්පතක් පිළිබඳව නම් පොලීසියේ කරන ලද පැමිණිල්ලේ මුල් පිටපත
- සශෝධන හැඳුනුම්පතක් නම් දැනට භාවිතා කරන හැඳුනුම්පත
- මුද්දර, අවු. 16-17 රු. 3/=, අවු. 17ට වැඩි රු. 13/= සංශෝධන හා නැති වූ රු. 15/=
- විධිමත් දිවුරුම් ප්‍රකාශය මුද්දර සහිතව (අවශ්‍ය වන්නේ නම්)
ලියාපදිංචි නොකල උපතක් ලියාපදිංචි කිරීම
කල්ගතවු උපත් ලියාපදිංචි කිරිම
- උපතක් සිදුවී මාස තුනක් ඇතුලතදී ලියාපදිංචි කර නොමැති විටෙක එවැනි උපතක් ලියාපදිංචි කරවා ගැනීමට පුලුවන.
- ප්‍රකාශ පත්‍රය උපත සිදුවූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න.
- ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ හැකි අය,
- උනන්දුවක් දක්වන ඕනෑම අයකු
- මව්පියන්ගෙන් කෙනෙකු
- ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 50.00 කි.
- උපත සිදුවී අවුරුද්දක් ඇතුලත ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍ර සමඟ පහත සඳහන් ලියවිලි පමණක් ඉදිරිපත් කරන්න.
- මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකය
- විෂයගේ උපන් දිනය හා ස්ථානය සනාථ වන පහත සඳහන් ලියවිලි වලින් එකක්,
- රෝහල් උපත් වාර්තාව හෝ සහතික පිටපත
- ග්‍රාම නිළධාරී උපත් වාර්තාව හෝ සහතික පිටපත
- වතු උපත් වාර්තාව හෝ සහතික පිටපත
- පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියගේ සහතිකයක්
- උපත සිදුවී අවුරුද්දක කාලය ගත වීමෙන් පසුව ඉදිරිපත් කරන ප්‍රකාශ පත්‍රය සමඟ පහත සඳහන් ලියවිලි පමණක් ඉදිරිපත් කරන්න.
- මව්පියන් විවාහක නම්, ඔවුන්ගේ විවාහ සහතිකය,
- උපත ලියාපදිංචිවී නොමැති බවට සහතිකය (හිස් ප්‍රතිඵලය)
- පුද්ගලයාගේ උපන් දිනය හා ස්ථානය ඇතුළත් පහත සඳහන් ලියවිලිවලින් එකක්,
- රෝහල් වාර්තාව හෝ සහතික පිටපත
- ග්‍රාම නිලධාරී වාර්තාව හෝ සහතික පිටපත
- වතු උපත් වාර්තාව හෝ සහතික පිටපත
- වින්නඹු මාතාවගේ උපත් ලේඛණයේ පිටපත
- ඉහත සඳහන් ලියවිල්ලක් නැතිනම්, ඒ වෙනුවට පහත සඳහන් ලියවිලිවලින් එකක්,
- සෞඛ්‍ය වර්ධන සටහන
- බෞතීස්ම සහතිකය,
- පාසැලට ඇතුලත් කිරීමේ ලේඛණයේ සහතික පිටපත/ ශිෂ්‍ය කාර්ය දර්ශනය
- වතු සුභසාධක නිලධාරිගේ වාර්ථාව
- උපන් දිනට ආසන්නයේදී සකස් කරන ලද හඳහන හෝ වේලාපත්කඩය
- මෙම ලියවිලි කිසිවක් ලබාගත නොහැකි නම්, දන්නා විස්තර ඇතුලත් කරන ලද ප්‍රකාශ පත්‍රයක් සහ දිවුරුම් ප්‍රකාශයක්
අනුමාන වයස් සහතික නිකුත් කිරිම
- උපත ලියාපදිංචි කළ නොහැකි වයස අවුරුදු 14 ට අඩු ළමුන් සඳහා අනුමාන වයස් සහතික නිකුත් කරනු ලැබේ.
- අනුමාන වයස් සහතික නිකුත් කරනු ලබන්නේ,
- රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික ළමුන්
- රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික නොවන වෙනත් පුද්ගලයන් භාරයේ වෙසෙන ළමුන්
- රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික ළමුන් ප්‍රකාශ පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලියවිලි
- ළමා නිවාස පාලක/පාලිකාවගේ දිවුරුම් ප්‍රකාශය
- රජයේ වෛද්‍ය නිළධාරියකු විසින්, ළමයාගේ වයස නිගමනය කර නිකුත් කරන ලද, වෛද්‍ය සහතිකය
- ළමයා සම්බන්ධ විස්තර ඇතුළත් වෙනත් ලියවිලි (තිබේනම් පමණි.)
- රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික නොවන ළමුන් ප්‍රකාශ පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලියවිලි
- භාරකරුගේ/භාරකාරියගේ දිවුරුම් ප්‍රකාශය
- ළමයා භාරකරුවන් භාරයේ සිටින බව තහවුරු කරන,
- ග්‍රාම නිළධාරිගේ සහතිකයක් හෝ
- පරිවාස හා ළමාරක්ෂක නිළධාරිගේ සහතිකයක් හෝ
- සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සහතිකයක් හෝ
- පොලිස් ස්ථානාධිපති විසින් නිකුත් කරන ලද සහතිකයක්
- රජයේ වෛද්‍ය නිලධාරියකු විසින්, ළමයාගේ වයස නිගමනය කර නිකුත් කරන ලද, වෛද්‍ය සහතිකය
- සෞඛ්‍ය වර්ධන සටහන් පත්‍රය
- ළමයා පාසැල් යන්නේ නම්, පාසලට ඇතුලත් කර ගැනීමේ ලේඛණයේ පිටපතක්
- තවදුරටත් විස්තර අවශ්‍ය වේ නම් ළඟම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හමුවන්න.
උප්පැන්න ලේඛනයක ඇතුලත් විස්තර සංශෝධනය කිරිම
- උප්පැන්න ලියාපදිංචි කිරීමේ සටහනක
- 01 තීරයෙහි විස්තර (උපන් දිනය සහ උපන් ස්ථානය)
- 03 තීරයෙහි විස්තර (ස්ත්‍රී/පුරුෂ භාවය)
- 05 තීරයෙහි විස්තර (මවගේ තොරතුරු සියල්ල) (උපත ලියාපදිංචි කිරීමෙන් පසු මවගේ නම වෙනස් කර ඇති විට, නම සංශෝධනය මෙම ප්‍රතිපාදන යටතේ කළ නොහැක.)
- 09 තීරයෙහි විස්තර (දැනුම් දෙන්නාගේ තොරතුරු) නිවැරදි කිරීම කළ හැකිය.
- ප්‍රකාශ පත්‍රය උපත සිදුවූ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න.
- ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ,
- උප්පැන්නය හිමි තැනැත්තා
- පියා හෝ මව
- නීත්‍යානූකුල භාරකරු
- උප්පැන්න සටහනේ ඇති යම් විස්තරයක් ගැන අතෘප්තියට පත් තැනැත්තෙකු
- ප්‍රකාශ පත්‍රය සඳහා ගාස්තුව රු. 50.00 කි.
- ප්‍රකාශ පත්‍රයට, සංශෝධනය කිරීමට අපේක්ෂිත උප්පැන්න ලේඛණයේ සහතික පිටපතක් අනිවාර්යෙන්ම අමුණා තිබිය යුතුය. ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම සඳහා ලිඛිත සාක්ෂි ඒ සමඟ ඉදිරිපත් කරන්න.
- ප්‍රකාශ පත්‍රයෙන් කරන ලද ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම ලබා ගත හැකි ලිඛිත සාක්ෂි සමහරක් පහත දැක්වේ.
- මව්පියන්ගේ විවාහ සහතිකය
- දරු නාමාවලිය/ සහෝදර නාමාවලිය
- පියාගේ/ මවගේ උප්පැන්න සහතිකය
- මව්පියන්ගේ විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකුගේ උප්පැන්නයක්
- විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකු නොමැති විට විෂය වූ දරුවාට වැඩිමහල් හෝ බාල දරුවකුගේ උප්පැන්නය
- ආරෝග්‍යශාලා, මාතෘ නිවාසවල ඇති සටහන්වල සහතික පිටපත් හෝ වින්නඹු මාතාවගේ ලේඛනවල පිටපත්
- ශිෂ්‍ය කාර්ය දර්ශනය, ළමයින් ඇතුළත් කිරීමේ ලේඛණයේ උපුටනය
- විෂය සහ මව්පියන්ගේ නම් ඇතුළත් ඡන්ද නාමාවලියේ පිටපතක්
- පියා මියගොස් ඇති විටෙක ඔහුගේ මරණ සහතිකය
ළමයෙකු දරුකමට හදා ගැනිම
- දරුකමට හදාගන්නා ළමයාගේ වයස අවුරුදු 14ට වැඩි නොවිය යුතුය.
- ඉල්ලුම්කරු විසින් සපුරාලිය යුතු අවශ්‍යතා,
- ඉල්ලුම්කරුගේ වයස අවුරුදු 25ට වැඩි විය යුතූය.
- දරුවා හදා ගැනීමට ඉල්ලුම්කරන්නා සහ අදාළ දරුවා අතර වයස පරතරය අවම වශයෙන් අවුරුදු 21ක් වත් විය යුතූය.
- අදාළ දරුවා ඉල්ලුම්කරුගෙන් පැවත එන්නකු නම්, ඉල්ලුම්කරුගේ සහෝදරයකුගේ/ සහෝදරියකගේ හෝ ඔවුන්ගෙන් පැවත එන දරුවකු නම් හෝ ඒ අයගේ විවාහක පාර්ශවකරුගේ දරුවකු නම් ඉහත තත්ත්වය අදාළ නොවේ.
- දරුකමට හදාගන්නා ළමයාගේ වයස අවුරුදු 10ට වැඩි නම් දරුවාගේ කැමැත්ත අවශ්‍ය වේ.
- විවාහක පාර්ශව විසින් (ස්වාමියා සහ භාර්යාව) ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ යුතූය.
- දරුකමට හදා ගැනීමේ ආඥාවක් නිකුත් කරනු ලබන්නේ දිසා අධිකරණය විසිනි.
- එම ආඥාව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය.
- දරුකමට හදාගන්නා ළමයාගේ උපත නැවත ලියාපදිංචි කරවා ගත හැකිය.
- උපත නැවත ලියාපදිංචි කර ගැනීම සඳහා පහත සඳහන් ලියවිලි ඉදිරිපත් කළ යුතුය.
- උපත නැවත ලියාපදිංචි කර ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය
- මව්පියන්ගේ විවාහ සහතිකය
- මවගේ සහ පියාගේ උප්පැන්න සහතික
- දරුකමට ගැනීම පිළිබඳ සහතිකය
- උපත නැවත ලියාපදිංචි කර ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රය දරුවා උපන් ස්ථානය අයත්වන ප්‍රදේශයට අදාළ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කලාප කාර්යාලය වෙත ඉදිරිපත් කරන්න.
සහතික කරනලද පිටපත් සහ පරිවර්ථනය කල පිටපත් ලබාගැනිම
උප්පැන්න සහතිකවල පිටපත් ලබාගැනිම
- උප්පැන්න සහතිකයේ පිටපත් ලබාගත යුත්තේ උපත සිදුවූ ප්‍රදේශය අයත් වන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙනි.
- අවශ්‍ය ඉල්ලුම් පත්‍රය ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශයෙන් ලබාගත හැක.
- අයකරනු ලබන ගාස්තු,
- උප්පැන්න සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය දන්නා විට එක පිටපතකට ගාස්තුව රු.100.00
- උප්පැන්න සහතිකයේ අංකය සහ ලියාපදිංචි කළ දිනය නොදන්නේ නම්, වර්ෂ දෙකකට නොවැඩි කාලයක ලේඛන සෙවීමක් අවශ්‍ය වන අවස්ථාවක එක පිටපතකට ගාස්තුව රු.200.00
- අවශ්‍ය මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවන්න.
- සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාර දෙන්න.
- උප්පැන්න සහතිකය තැපෑලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය වේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක් ඉල්ලුම් පත්‍රය සමග ඉදිරිපත් කරන්න.
- උපත ලියාපදිංචි වී තිබේ නම්, උප්පැන්න සහතිකයක් යවනු ලබන අතර උපත ලියාපදිංචි වී නොමැති නම් ඒ පිළිබඳව දන්වා ලිපියක් යවනු ලැබේ.
උප්පැන්න සහතිකවල පරිවර්තන පිටපත් ලබාගැනිම
- මෙම සේවාව ලබාගත හැකි පරිවර්තකයන් සේවය කරන, දෙපාර්තමේන්තුවේ ශාඛා කාර්යාල පහත දක්වා ඇත.
- ලබාගත හැකි පරිවර්තන
- සිංහල - ඉංග්‍රීසි
- ඉංග්‍රීසි - සිංහල
- දෙමළ - ඉංග්‍රීසි
- ඉංග්‍රීසි - දෙමළ
- අයදුම්පත්‍ර භාරගන්නා වේලාව : පෙ.ව. 9.00 - ප.ව. 3.00
- ඉල්ලුම් පත්‍රය පරිවර්තකයින් සේවය කරන කාර්යාලවලින් ලබාගත හැකිය.
- ඉදිරිපත් කළයුතු ලියවිලි,
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය
- පරිවර්තනය කළයුතු ලේඛනයේ මුල් පිටපත හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ලබාගත් සහතික පිටපතක්
- තැපෑලෙන් ලබාගන්නේ නම් ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ ලියුම් කවරයක්
- පරිවර්තන ගාස්තු
- එක් පරිවර්තන පිටපතක් සඳහා රු. 500.00 කි.
- ඕනෑම පරිවර්තන ප්‍රමාණයක් ලබාගත හැක.
- ගතවන කාලය : කාර්යාල දින 03කි.











