(1) බලපත්‍ර සකස් කිරිම
- බලපත්‍ර
- දැව හෙලීමේ බලපත්‍ර (කොස් ගස්/ රට දෙල් ගස් / ගැහැණු තල්)
- දැව / දැව භාණ්ඩ ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම
- දැව හෙළීම /ප්‍රවාහන බලපත්‍රවල කාලය දිර්ඝ කිරීම
- නව උකස් මධ්‍යස්ථාන ආරම්භ කිරීමට බලපත්‍ර නිකුත් කිරීම
- උකස් මධ්‍යස්ථාන බලපත්‍රය අලුත් කිරීම
- සුරා බදු බලපත්‍ර නිකුත් කිරීම
- උත්සව අවස්ථා සදහා මත්පැන් ලග තබා ගැනිමට අවසර ලබා දීම
- සතුන් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම
- ගිනි අවි බලපත්‍ර ලබා දීම සදහා නිර්දේශ ලබා දීම
- රා තැබෑරුම් රේන්ද බලපත්‍ර නිකුත් කිරීම
- වාණිජමය හා වාණිජමය නොවන කාර්යයන් සදහා වැලි බොරළු පස් කැණීම හා ප්‍රවාහනය
අවශ්‍යය සනාථ කරන ලියකියවිලි හා ගාස්තු
(2) දැව හෙලීමේ බලපත්‍ර (කොස් ගස්/ රට දෙල් ගස් / ගැහැණු තල්)
- ග්‍රාම නිලධාරී විසින් මුල් පිටපත හා සසදා බලා සහතික කරන ලද ඉඩම් ඔප්පුවේ පිටපතක්
- ඉඩමේ නිරවුල් අයිතිය ඉල්ලුම්කරුට නොමැති අවස්ථාවක ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය
- ඉඩමට උරුමක්කරුවන් කිහිපදෙනෙකු සිටින විට ඉල්ලුම්කරු වෙත හෙළීමේ බලපත්‍රයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවට ලබා ගත් දිවුරුම් ප්‍රකාශයක්
- නව ඉදිකිරීමක් සදහා ගස් හෙළීමට අපේක්ෂා කරයි නම් අදාල ඉදිකිරීමේ සැලැස්මක්
- අනතුරුදායක බව නිසා හෙළීම සිදු කරන්නේ නම් ප්‍රාදේශීය සභා / නගර සභා /මාර්ග සංවර්ධන අධිකාරිය යෙන් ගස හෙළීමට දැනුම් දුන් ලිපි
- ඉඩම සම්බන්ධ අධිකරණ තීන්දු අදාල වන්නේ නම් ඒවා හා ගස හෙළීම සම්බන්ධව උසාවි නියෝග
- විදුලි රුහැන් මාර්ග අවහිරතා හෝ විරෝධතා අවස්ථාවලදී ඊට අදාල දැනුම් දීමේ ලිපි
- වැට මායිමක ගස පිහිටා ඇත්නම් ඉඩමේ ආසන්න (මායිම්) අයිතිකරු ඉල්ලුම්කරු අදාල ගස කැපීමට විරුද්ධත්වයක් නොමැති බවට ග්‍රා/නි ඉදිරියේ කරනු ලබන ප්‍රකාශිත ලිපියක්
බලපත්‍ර ගාස්තු - රු. 168.00
(3) දැව / දැව භාණ්ඩ ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම ≚
- සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
- දැව කඳන්, ඉරූ දැව හෝ දැව භාණ්ඩ පිළිබද ග්‍රාම නිලධාරී වාර්තාව
- කොස් / රට දෙල් / ගැහැණු තල් ගසක් නම් කැපීම සදහා නිකුත් කල බලපත්‍රය
- ග්‍රාම නිලධාරී විසින් සහතික කළ දැව කුට්ටි කිරීමේ ලේඛණය
- අඩවි වන නිර්දේශය
- දුම්රියෙන් ප්‍රවාහනය කරන ලද දැව/දැව භාණ්ඩ නැවත ප්‍රවාහනයට බලපත්‍ර නිකුත් කිරීමේ දී ප්‍රවාහන බලපත්‍රයේ මුල් පිටපත සහ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිකුත් කල නිල
- කුවිතාන්සිය (අඩවි වන වාර්තා, ග්‍රාම නිලධාරී වාර්තා හෝ අවශ්‍ය නොවන අතර බලපත්‍ර ගාස්තු අය නොකරයි)
- දැව කඳන්, ඉරූ දැව හෝ දැව භාණ්ඩ මිලට ගැනීමේ කුවිතාන්සිය
- සීමිත දැව ප්‍රවාහන අයදුම්පත්‍රය
(4) දැව ප්‍රවාහන බලපත්‍රවල කාලය දිර්ඝ කිරීම
- පොලිස් පැමිණිල්ලේ මුල්පිටපත
- බලපත්‍රයේ මුල් පිටපත
- ප්‍රවාහනය නොකරන ලද අවස්ථාවකදී ග්‍රා/නි වාර්තාව
- බලපත්‍ර ගාස්තුවෙන් 50% ක මුදලක් අයකරනු ලැබේ.
(5) නව උකස් මධ්‍යස්ථාන ආරම්භ කිරීමට බලපත්‍ර නිකුත් කිරීම ≚
- ග්‍රාම නිලධාරී වාර්තාව
- පොලිස් අධිකාරී වාර්තාව
- සමාගම් සංස්ථාගත කිරීමේ සහතිකයේ මුල් පිටපත සහ තවත් පිටපතක්
- ගිනි හා සොර බිය ආවරණය වන පරිදි ලබා ගත් රක්ෂණ සහතිකයේ මුල් පිටපත සහ තවත් පිටපතක්
- හවුල් ව්‍යාපාරයක් නම් හවුල් ගිවිසුම
- බදු ඔප්පුවේ පිටපතක්
බලපත්‍ර ගාස්තු - රු. 1000.00
ඇප - රු.100000.00
ලියාපදිංචි ගාස්තු - රු.25000.00
- නව උකස් මධ්‍යස්ථාන ආරම්භ කිරීමට අයදුම්පත් පහතින් ලබාගන්න
(6) උකස් මධ්‍යස්ථාන බලපත්‍රය අළුත් කිරීම
- පසුගිය වර්ෂයේ නිකුත් කරන ලද බලපත්‍රය හා ජායා පිටපතක්
- වර්ෂය සදහා වලංගු රක්ෂණ සහතිකය සහ ජායා පිටපතක්
- වර්ෂයේ ගිණුම් වාර්තාව හා එහි පිටපතක්
- දිවුරුම් ප්‍රකාශයක්
බලපත්‍ර ගාස්තු - රු. 1000.00
(7) වාහන ආදායම් බලපත්‍ර
- ලියාපදිංචි සහතිකය හෝ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් නිකුත් කරණ ලද C.M.T. හෝ 76 M.T.A.11 පෝරමය
- රක්ෂණ සහතිකය
- අවසන් වරට ලබාගත් සහතිකය
- දුම් පරීක්ෂණ වාර්ථාව
(8) සුරාසැල් නව බලපත්‍ර නිකුත් කිරීම
- සුරාබදු කොමසාරිස් විසින් නිකුත් කරන ලද අනුමත ලිපිය්
- සහකාර සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කරන ලද නිශ්කාශණ සහතිකය
- දේශීය ආදායම් කොමසාරිස් සහ පළාත් ආදායම් කොමසාරිස් විසින් බදු ගෙවූ බවට නිකුත් කරන නිශ්කාශන සහතික හා එහි ජායා පිටපත
- පසුගිය වර්ෂයේ බලපත්‍රය
(සුරාබදු ගැසට් නිවේදනයට අනුව ගාස්තු වෙනස් වේ).
(9) උත්සව අවස්ථා සදහා මත්පැන් ලග තබා ගැනිමට අවසර ලබා දීම
- ආරාධනා පත්‍රය
- ඉල්ලිම් ලිපිය
- ග්‍රා/නි වාර්තාව
(10) සතුන් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම
- අයදුම්පත්‍රය - උපලේඛණ 02
- ග්‍රාම නිලධාරීගේ නිර්දේශය
- පශු වෛද්‍ය සහතිකය
- සතුන් ප්‍රවාහනයට යොදා ගන්නා වාහනය පිලිබද නිර්දේශ වාර්තාව
- එක් සතෙකුට රු.50.00 බැගින් වයඹ පළාත් සභාවට මුදල් ගෙවන ලද කුවිතාන්සිය
(11) ගිනි අවි බලපත්‍ර ලබා දීම සදහා නිර්දේශ ලබා දීම
අයදුම්කරු විසින් සම්පූර්ණ කළ , ග්‍රාම නිලධාරීගේ විසින් සහ අදාල පොළිස් ස්ථානාධිපති විසින් නිර්දේශ කරන ලද අයදුම්පත
(12) වැලි බොරළු පස් කැණීම
- විධිමත්ව පිර වූ ඉල්ලුම් පත්‍රය
- ඔප්පුවේ පිටපත.
- පිඹුරේ පිටපත(අනිවාර්ය නැත).
- ඉල්ලුම්කරු ඉඩම් හිමියා නෙවේනම් ඉඩම් හිමියාගෙන් ලබා ගත් දිවුරුම් ප්‍රකාශයක් හෝ බඳු ගිවිස්නාව ඉදිරිපත් කළ යුතුය











